• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මතින් තොර සමාජයක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහන - 2014

- විශේෂයෙන්ම අප රටේ තාරුණ්‍යය සහ අනාගත පරම්පරාවන් හෙරොයින්, මද්‍යසාර සහ දුම්කොළ වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කරගැනීම ජාතික ප්‍රමුඛතාවක් බවට නිරීක්ෂණය කර ඇත. මතින් තොර සමාජයක් බිහි කිරීම උදෙසා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගයෙන් ප්‍රජා සහභාගීත්වයද ඇතිව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක සහාය ලබන, අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වය යටතේ සෞඛ්‍ය ඇමතිතුමා සහ අනෙකුත් අදාළ ඇමතිවරුන්ගෙන් සැදුම් ලත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී.