• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල දිස්ත්‍රික්කයේ මොරාණ ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන ලබා දීම

- බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරාණ ජලාශය, නාගදීප යෝජනා ක්‍රමයේ ජල හිඟය මඟ හරවා ගැනීම සඳහා වූ නව වාරිමාර්ග ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නාගදීප යෝජනා ක්‍රමය යටතේ පවතින කුඹුරු අක්කර 1,500කට පමණ යල-මහ දෙකන්නයේදීම ජලය සැපයීමටද එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපයීමටද හැකි වනු ඇත. මෙම ජලාශය සඳහා හෙක්ටයාර 250ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත් කර ගැනීම අවශ්‍ය වන අතර, ඉඩම් අහිමි වීමෙන් අවතැන් වන පුද්ගලයින් ලිහිණියාය සහ අල්දෙණිය ගම්මානවල නැවත පදිංචි කරවීමට සහ සහන සලසා දීමට කටයුතු යොදා ඇත. ඉඩම් අහිමි වන පුද්ගලයින්ගේ දේපළවලට වන්දි ගෙවීම සඳහා සහ නැවත පදිංචි කරවීමේදී සහන සැලසීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.