• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම

- 1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනත යටතේ කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මඟින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම යෝජනා ක්‍රමයට දායක වී ඇති මුළු සාමාජික සංඛ්‍යාව 959,254ක් වන අතර, 2014 ජනවාරි මස 01 වන දිනට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් ලබා ඇති ගණන 128,659කි. 2014 අයවැය යෝජනා අනුව ගොවීන් සඳහා වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති අතර, එහි වැදගත් ලක්ෂණ පහත සඳහන් වේ.

* නව විශ්‍රාම වැටුප් ගෙවීම වයස අවුරුදු 64 දී මාසිකව පිළිවෙළින් රු. 1,250/-ක අවමයකට හා රු. 5,000ක උපරිමයකට යටත්ව විශ්‍රාමික ගොවි මහතා ජීවත්ව සිටිනතාක් ගෙවීමට කටයුතු කරනු ලැබේ;
* 2014 අයවැය තුළින් මූලික වශයෙන් රුපියල් මිලියන 1,000/-ක මුදලක් වෙන් කර දී ඇති අතර, මීළඟ වසර කිහිපය තුළ දී ද එවැනි වෙන් කිරීම් වාර්ෂිකව කිරීම සිදු කෙ‍රේ;
* ගොවීන්ගේ දායකත්වය තුළින් ගොවි විශ්‍රාම වැටුප් අරමුදල ස්ථාවර හා දිගුකාලීනව පවත්වා ගෙනයාමට පියවර ගැනීම;
* පැරණි ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වූ අය නව යෝජනා ක්‍රමයට අන්ර්ග්‍රහණය කොට විශ්‍රාම වැටුප් ගෙවීම; සහ
* ගැසට් දැන්වීමක් මඟින් මෙම සංශෝධන නීතිගත කිරීම.

මේ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.