• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළමු ව්‍යාපෘතියේ II අදියර යටතේ ඉතිරි කිරි ගවයින් 2500 සහ තවත් කිරි ගවයින් 20,000ක් ආනයනය කිරීම

- රටේ පවතින ඉල්ලීමට සරිලන පරිදි රජය විසින් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ව්‍යාපෘතියේ I අදියර යටතේ ආනයනය කිරීමට යෝජිත කිරි ගවයින් 4,500ක ගෙන් 2,000ක් දැනටමත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත. 2014 වර්ෂයේදී ව්‍යාපෘතියේ II අදියර යටතේ ඉතිරි 2,500 ආනයනය කිරීමට සහ හම්බන්තොට රිදියගම ගොවිපළේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කොට ඇත. 2014 අයවැය යෝජනාවලට අනුකූලව ඉහත සඳහන් ඉතිරි කිරි ගවයින් 2,500 සහ තවත් අතිරේක ඉහළ තත්ත්වයේ කිරි ගවයින් 20,000ක් ආනයනය කිරීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ණය මුදල් ලබා ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා නිම කර ඇත. මෙම කාර්යය සඳහා අදාළ බැංකුව සමඟ ණය ගිවිසුම් වලට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.