• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු ණය මුදල් උපයෝගී කර ගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම

- දේශීය බැංකු ණය මුදල් උපයෝගී කර ගනිමින් පහත සඳහන් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත:

* කිරින්ද - පලටුපාන - යාල මාර්ගය (බී499)(කි.මී. 0 –12.50)
* තල්ගොඩපිටිය - යටවත්ත - දොඹවල මාර්ගය (බී409)(කි.මී. 0 - 26.40)
* පස්සර - මොණරාගල මාර්ගය (ඒ22) (කි.මී. 0 –27.0)

මෙම කාර්යය සඳහා අදාළ දේශීය බැංකු සමඟ ණය ගිවිසුම් වලට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.