• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු පැසිපික් තැපැල් සංගමයේ 2014 වාර්ෂික විධායක සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

- ආසියානු පැසිපික් තැපැල් සංගමය කලාපයේ රටවල් 32කින් සැදුම්ලත් සංවිධානයකි. එහි අරමුණ වන්නේ තැපැල් සේවා සැපයීමේදී සාමාජික රටවල් අතර වඩා හොඳ සබඳතාවක් වර්ධනය කිරීමය. ආසියානු පැසිපික් තැපැල් සංගමයේ 50වන විධායක සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සහ ‍ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය සංවිධානය කිරීමට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා තැපැල් සේවා අමාත්‍ය, ගරු ජිවන් කුමාරතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.