• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය මහා නගර සභාව සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- ප්‍රදේශයේ වාසය කරන ජනතාවට වඩා හොඳ සේවයක් සැලසීම වෙනුවෙන් යාපනයේ මහා නගර සභාව සඳහා තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.