• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සංකල්පය මත පදනම්ව කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දිය කඩනය සමීපයෙන් ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි හෙක්ටයාර ‍233ක භූමි භාගයක් ගොඩ කිරීමට සැලසුම් කර ඇත. කොළඹ වරාය කේන්ද්‍ර නගරයක් ලෙස ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් නව නගරයක් නිර්මාණය කෙරෙනු ඇත. යෝජිත නගරය සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ සහ සංස්ථාපිත අංශයන් සඳහා වූ නවීනතම කාර්යාල සහ විනෝදකාමී ස්ථානවලින් සමන්විත වනු ඇත. මෙම කාර්ය‍යට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.