• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව පොලිස් ගොඩනැඟිලි ඉදි කිරීම් විශේෂ ව්‍යාපෘති යටතේ ආදර්ශ පොලිස් ස්ථාන ගොඩනැඟිලි ඉදි කිරීම - 2014/2016

- මෙම ව්‍යාපෘතිය යටතේ මීළඟ වසර තුන ඇතුළත රුපියල් මිලියන 6,367ක මුළු පිරිවැයකින් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින පොලිස් ස්ථාන 26ක්, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල 07ක්, නේවාසිකාගාර 04ක් ආදිය ඇතුළු ගොඩනැඟිලි 39ක් ඉදි කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.