• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගිතාවෙන් පවත්වන ලද අන්තර්ජාතික ස්වභාවික කෙඳි සමුළුව

- සාමාජික රටවල් 47ක නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව 2013 නොවැම්බර් මස දී ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. සත්කාරක රට වශයෙන් ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකාවට ස්වභාවික කෙඳි පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ සභාපතිත්වය පිරිනමන ලදී. ලෝකයේ, වැඩිම ප්‍රමාණයක් කොහු නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර දෙවැනි ස්ථානය ගන්නා ශ්‍රී ලංකාව මේ වන විට අගය එකතු කරන ලද කෙඳි අංශයේ නිෂ්පාදන වඩා දිරිමත් කරන ප්‍රතිපත්තියක පිහිටා ඇත. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය, ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.