• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු ශාන්තිකර කලාපයේ පොල් අංශයේ සංවර්ධනය අරභයා පැවැත් වූ ඉහළ මට්ටමේ විශේෂඥ උපදේශන සැසිය

- එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ කලාපීය කාර්යාලයේ ආරාධනය මත, සිය නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් මෙම සැසියට සහභාගී වූ බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. මෙම උපදේශන සැසිය සඳහා චීනය, පීජි දූපත්, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, පිලිපීනය, සැමෝආ, සොලමන් දූපත, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටොංගා, වියට්නාමය හා වනුආටු යන සාමාජික රටවල නියෝජතයන් සහභාගි වූහ. මෙම සැසියේ අරමුණ වූයේ ආසියානු ශාන්තිකර පොල් ප්‍රජා ආයතනයේ සාමාජික රටවල් 18හි සෑම රටකම පාහේ වර්තමානයේදී පොල් කර්මාන්තය මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳව ප්‍රධාන ගැටලු හඳුනාගෙන අනාගත අභිවෘද්ධිය උදෙසා විසඳුම් යෝජනා කිරීමයි. නිෂ්පාදනයෙහි හා සැකසුම්කරණයෙහි ලා ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ආසියානු ශාන්තිකර පොල් ප්‍රජා ආයතනය සහ ඒ ඒ රටවල් විසින් පසු විපරම් කළ යුතු නිර්දේශ කිහිපයක් මෙම සැසියේ දී ප්‍රකාශයට පත් වී තිබේ.