• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විතියික පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණ වැඩ සටහන යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සඳහා උපකරණ සැපයීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි, දැනට ගොඩනැඟිලි ඉදි කිරීම් නිම කරන ලද, විදුලිබල පහසුකම් සපයා ඇති මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 200ක් සඳහා සියලු උපාංග සහිත පරිගණක යන්ත්‍ර සපයා ජාල ගත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.