• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවයිනේ පවතින ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියා මාර්ග

- පසුගිය වසර කිහිපයට සාපේක්ෂව, 2013 වර්ෂයේ ආසියානු රටවල් ගණනාවකම ඩෙංගු රෝගයේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇත. ඩෙංගු තව දුරටත් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක සෞඛ්‍ය ප්‍රශ්නයක්ව පැවතියද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළාත් බලධාරින්ගේද සහයෝගය ඇතිව අදාළ නියෝජ්‍යායතන සමඟ, පූර්ව රෝග විනිශ්චය සහ ව්‍යසන තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම තුළින් ඩෙංගු උවදුර අවම කිරීම සඳහා නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2012 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් 40,823ට සාපේක්ෂව 2013 වසරේ වාර්තා වූ රෝගීන් ගණන 27,991ක් වන අතර, මෙය 32%ක අඩු වීමකි. 2012 වර්ෂයේදී මරණ 168ක් වාර්තා වූ අතර, 2013 වර්ෂයේදී එම සංඛ්‍යාව 78 දක්වා පහත බැස ඇත. ඩෙංගු වැලැක්වීම සහ මර්දනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ ජනාධිපති කාර්ය බලකායේ සහ අනිකුත් පාර්ශ්ව කරුවන් සමඟ සහ‍යෝගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම් සමහරක් පහත දැක්වේ:


* ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් පරිදි කාර්ය සාධක බලකායේ තීරණ වලට අනුකූලව සෑම රාජ්‍ය ආයතනයකම මදුරුවන් බෝවීම මර්දනය කිරීම හා විනාශ කිරීම පරීක්ෂා කිරීමට වගකිව යුතු විශේෂ ඒකකයක් පිහිටුවා එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය ක්‍රියාකාරකම් පිළිබඳව මාසික වාර්තාවක් ඉදිරිපත් කිරීම;

* පූර්ව රෝග විනිශ්චය සඳහා කැප වූ අනුක රෝග විනිශ්චය පරීක්ෂණාගාරයක් ඇතුළුව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය සතු රසායනාගාර පහසුකම් වැඩි දියුණු කරනු ලැබිණ;

* මෙම කාර්යය සඳහා වෛද්‍යවරුන් සහ හෙද නිලධාරින් ඇතුළු 2,000කට අධික සායනික කාර්ය මණ්ඩලයක් ලබා දී, 200කට ආසන්න අධි පරායන්ත ඒකකයන් (HDU) පිහිටුවා ප්‍රතිකාර පහසුකම් පුළුල් කරනු ලැබිණ;

* මදුරුවන් මර්ධනය කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වැඩසටහන් ඇතුළුව ඊට සමාන්තර කාර්යයන් මෙහෙයවනු ලැබිණ. මෙම වැඩසටහන යටතේ 10,808 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ අතර, දණ්ඩ නීති සංග්‍රහය යටතේ 9,100 දෙනෙකු වරදකරුවන් කරනු ලැබිණ.

මේ සම්බන්ධයෙන් යෝජිත ඉදිරි කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.