• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ගොඩබිම් වරායන් සංස්ථාපනය කිරීම

- පෑලියගොඩ සහ තෙලඟපාත ප්‍රදේශයන්හි ගොඩබිම් වරායන් දෙකක් පිහිටුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කරමින් සිටින අතර, ගොඩබිම් වරාය කලාපය සඳහා අක්කර 100ක භූමිභාගයක් ද හඳුනාගෙන ඇත. එයින් මුලින්ම සංවර්ධනය කරනු ලබන්නේ අක්කර 30ක ප්‍රමාණයකි. සාමුද්‍රික පර්යන්ත සමඟ ඒකාබද්ධවීමේ මට්ටමක් අභ්‍යන්තර වරායන් සතු වන අතර, වරායට පැමිණෙන සහ වරායෙන් පිටතට යන යාත්‍රා සඳහා දේශීය වෙළඳපොළ වෙත වඩාත් කාර්යක්ෂම ප්‍රවේශයක් ලබා දෙනු ඇත. ඒ අනුව, ගොඩබිම් වරාය පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුමේ පර්ශ්වකරුවකු වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශ්‍රී ලංකා රජයේ නිත්‍ය නියෝජිත වෙත බලය පැවරීම සඳහා  මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.