• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොනරාගල - බුත්තල ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර

- මොනරාගල - බුත්තල ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 43ක ජලය බෙදාහැරීමේ ජාලය ආවරණය කරමින් පවුල් 50,000කට නළ ජලය සැපයේ. මෙම ව්‍යාපෘතියේ වැඩි කොටසක් ආවරණය කිරීම සඳහා යුරෝ 12,996,578.95ක ණය මුදලක් ලබා දීමට බෙල්ජියානු KBC බැංකුව එකඟ වී ඇත. මෙම ව්‍යාපෘතියේ ඉතිරි කොටස මූල්‍යනය කිරීම උදෙසා හැටන් නැෂනල් බැංකුව සමඟ ණය ගිවිසුමකට ඇතුළත් වීම සඳහා සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එම ණය මුදලෙහි ප්‍රතිෂ්ඨාවන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ප්‍රතිණයක් ලෙස ලබා දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.