• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය

- 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය අදහස් කරන බවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බව සැලකිල්ලට ගන්නා ලදී. කෙසේ වෙතත්, දැනට පවත්නා ක්‍රමය මඟින් ශිෂ්‍යයින්ට ඇති වන දැඩි පීඩාව සලකා මෙම විභාගය සරල කිරීමට රජය අදහස් කරයි. මෙම විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට කිනම් හෝ තීරණයක් ගනු ලබන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව හා මේ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් සියලුම පාර්ශ්වයන් විමසා බැලීමෙන් පසුව බවත් සඳහන් කෙරිණි.