• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පලස්තීන රාජ්‍යයේ රාමල්ලා නගරයෙහිදී පලස්තීන යෞවන-යෞවනියන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම

- මූලික වශයෙන් පස් (05) අවුරුදු කාල පරිච්ඡේදයක් සඳහා පලස්තීන යෞවන-යෞවනියන් සංචාරක කටයුතු, ආගන්තුක සත්කාරක කටයුතු, මැදි මට්ටමේ සෞඛ්‍යාරක්ෂක කටයුතු (හෙද සේවය) සහ ඊට සමාන වෘත්තීන් ආදී ක්ෂේත්‍රයන්ගේ පුහුණුවක් ලබා දීම සඳහා පලස්තීන රාජ්‍යයේ රාමල්ලා නගරයෙහි පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට යෝජිතව ඇත. 2014 ජනවාරි මස සිට මෙම පුහුණු මධ්‍යස්ථානය පිහිටුවා  මූලික වශයෙන් පස් (05) අවුරුදු කාල පරිච්ඡේදයක් සඳහා එහි පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.