• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම සහ ඌව පළාත්වල මාර්ග කි.මී.64.31 ක් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම හා පාලම් දහතුනක් (13) ක් නැවත ඉදි කිරීම සඳහා චීනයේ Hunan Construction Engineering Group Corporation විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම

-  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කළ පරිදි,  පහත දැක්වෙන මාර්ග කොටස් 5ක් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා සහ පාලම් දහතුනක් (13) ක් නැවත ඉදි කිරීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය මාර්ගය - (කි.මී.98.9 - කි.මී.108.49); * වැලිමඩ - කක්ලීස් මාර්ගය - (කි.මී.0.00 - කි.මී.17.83);
* නුවරඑළිය - රාගල - උඩුපුස්සැල්ලාව මාර්ගය - (කි.මී.19.00 - කි.මී.46.00);
* අම්පිටිය - ගුරුදෙණිය මාර්ගය - (කි.මී.0.00 - කි.මී.2.25);
* මහනුවර - කිරිමැටිය මාර්ගය - (කි.මී.0.00 - කි.මී.7.64);