• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3 (අදියර 1 - ලොට් 2) කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කළ පරිදි පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* හැටන් - මස්කෙළිය - ඩෙල්හවුසි මාර්ගය කි.මී.0.00 සිට කි.මී.31.89 දක්වා;* මැවනැල්ල - හෙම්මාතගම - ගම්පොළ මාර්ගය කි.මී.0.00 සිට කි.මී.26.00 දක්වා; සහ
* අයගම - ඈගල්ඔය මාර්ගය කි.මී.0.00 සිට කි.මී.23.00 දක්වා;
* නාරන්දෙනිය - හක්මණ මාර්ගය කි.මී.0.00 සිට කි.මී.11.95 දක්වා;