• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ව්‍යසන කළමනාකරණ සැලැස්ම (2013‑2017)

- 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත සහ ශ්‍රී ලංකා ජාතික ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මෙම සැලැස්ම සකස් කොට ඇත්තේ 2013 සිට 2017 දක්වා වූ අවුරුදු 5ක කාලපරිච්ඡේදයක් සඳහා වේ. මෙම සැලැස්මෙහි අරමුණ වන්නේ පනතේ දක්වා ඇති ආපදා අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත‍ කොට ශක්තිමත් කිරීම සහ ආපදා කළමනාකරණ චක්‍රයේ සියලුම අදියරයන් ආවරණය වන පරිදි බහු-පාර්ශ්වීය සහභාගිත්වය සහිතව ඒ හා බැඳුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.