• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පූර්ව ළමා විය රැකවරණය හා අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තීන් සඳහා වූ ආසියා - පැසිෆික් කලාපීය සම්මන්ත්‍රණය

- ඉහත සඳහන් සම්මන්ත්‍රණය 2013 වර්ෂයේ අග භාගයේදී දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වුණු අතර, අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිසක් ඊට සහභාගි වූ අතර, විශේෂයෙන්ම පහත සඳහන් කරුණු පිළිබඳව වූ සාකච්ඡා නිමාවට පත් කළ බව ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

* තාක්ෂණික විද්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීම.
* තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලාංකික සිසුන් සඳහා කොරියානු විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලාවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම; සහ

* අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණික විෂය ධාරාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම;