• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරමාණුක බලශක්ති අධිකාරිය සහ එහි අනුප්‍රාප්තිකයා විසින් ස්ථාපිත කරනු ලැබ ඇති ආයතනයන් කළමනාකරණය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ස්ථාපිත කිරීම

- රජය සතු බහු කාර්ය ගැමා පෘථුකාරක පහසුකම සහ ජාතික නිර්විනාශක පරීක්ෂණ මධ්‍යස්ථානය සහ වාණිජ මෙහෙයුම් සඳහා පරමාණුක බලශක්ති අධිකාරිය විසින්  ඇති කර ගනු ලැබිය හැකි අනෙකුත් එවැනි ආයතන කළමනාකරණය, මෙහෙයවීම සහ නඩත්තු කිරීම සඳහා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් හිමිකම් කියනු ලබන සීමිත වගකීම් සහිත පෞද්ගලික සමාගමක් ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, ගරු පාඨලි චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.