• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කණ්ඩාවලයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 16කින් සමන්විත වන අතර, එහි මුළු ජනගහනය 24,235ක් පමණ වේ. මහජනතාව වෙත වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා රුපියල් මිලියන 67.72ක පිරිවැයකින් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.