• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉඩමක් මිල දී ගැනීම

- මොරටුව විශ්වවිද්‍යාලය ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ වාස්තු විද්‍යා යන පීඨ 3කින් සමන්විත වන අතර, 2011 - 2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 1747කි. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්‍ට සහ කාර්ය මණ්ඩලයට වඩා වැඩි නවාතැන් පහසුකම් සැපයීම සඳහා මොරටුව කටුබැද්දේ පිහිටි යෝජිත ඉඩම් කොටස මිල දී ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.