• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ඔක්තෝබර් මස 15-17 දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති භාෂාව හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව

- ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගි වූ අතර, එම සමුළුවේදී සිදු වූ සිදුවීම් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ඉදිරිපත් කරනු ලැබූ නියෝජන පිළිබඳව ගරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සැල කර සිටින ලදී. දකුණු අප්‍රිකාවේ ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බවත්, අඩු ආදාම්ලාභී කණ්ඩායම්වල පවුල්වල දරු දැරියන්ට පමණක් ද්විතීයික අධ්‍යාපනය එසේ නොමිලේ ලබා දෙන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. භාෂා මාධ්‍යයන් තුනෙන්ම අධ්‍යාපනය පහළ සිට ඉහළටම ලබා දෙන අප රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව සහ එයද නොමිලේ ලබා දීම පිළිබඳව සමුළුවට සහභාගි වූ නියෝජිතයින්ගේ ප්‍රසාදයට ලක් වූ බවත් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.