• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික වන අඩවි නිකේතන ව්‍යාපෘතිය, ශ්‍රී ජයවර්ධනපුර කෝ‍ට්ටේ

'රිෆ්ලෙක්ෂන්ස් ඔෆ් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය පවත්වන ලද බත්තරමුල්ලෙහි පිහිටි අක්කර 11ක පමණ ප්‍රමාණයකින් යුත් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම, එම ප්‍රදේශයේ භූ දර්ශනයට කිසිදු අහිතරකර බලපෑමක් නොවන පරිදි, දේශීය හා විදේශික සංචාරකයින් සඳහා වන නාගරික වන අඩවි නිකේතනයක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස, ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.