• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුලු/ගෝලීය ඉන්ෆ්ලුවන්සා ආවේක්ෂණ ව්‍යාපෘතිය

- ජාතික කුරුලු/ගෝලීය ඉන්ෆ්ලුවන්සා වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා වසර 5ක කාලයක් සඳහා Centres for Disease Control & Prevention - USA විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වෙත අරමුදල් ලබා දීමට නියමිතය. භූගෝලීය පිහිටීම, කුකුළු කර්මාන්තය සැලකිය යුතු මට්ටමෙන් පැවතීම සහ සංචාරක පක්ෂීන්ගේ ගමනාත්තයක් ලෙස ඇති ජනප්‍රියත්වය ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව H5N1 කුරුලු උණ ප්‍රභේදයට ගොදුරු වීමේ  ඉහළ අවදානමක් සහිත රටක් ලෙස සලකනු ලැබේ. මෙම වැඩසටහන  ක්‍රියාවට නැංවීම සඳහා මීළඟ වසර 5 පුරාවට (2014 - 2018) වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් 852,050කට සමාන මුදලක් වාර්ෂිකව ලැබෙනු ඇත. ඉහත වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු කර ගෙන  යාම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.