• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුරවැසිභාවය ලබාගැනීමට සහ වීසා ලබාගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන අයදුම්පත් හා ඊට අදාළ ලේඛන පරිලෝකනය (Scan) කිරීම හා විද්‍යුත් ලේඛනගත කිරීම

- ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම, විදේශයන්හි උපත ලබන දරුවන් ලියාපදිංචි කිරීම සහ වීසා ලබාගැනීම සඳහා සහාය ලියකියවිලි සමඟ වන අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ආගමන හා විගමන දෙපාරත්මේන්තුව වෙත ලැබෙන බැවින් පුරවැසිභාවය සහ වීසා හා බැඳුණු එවන් අයදුම්පත් සහ ලේඛන විද්‍යුත්‍ ‍ලේඛනගත කොට ආරක්ෂා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා යෝජනා වී ඇත. මෙමඟින්, වීසා සහ පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහ ලේඛන කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සලසනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම පිණිස, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.