• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ හිමියන් විසින් දිවයින පුරා මගීන් මිලියන හයක අවශ්‍යතා සඳහා පිළිවෙළින් 4,314ක් සහ 17,129ක බස් රථ සංඛ්‍යාවක් දෛනිකව ධාවනය කරනු ලැබේ. මෙම බස් රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ක්‍රියාත්මක නොවීමෙන් මගී ජනතාව දුෂ්කරතා රාශියකට මුහුණ දෙනු ලැබේ. 2014 01 15 දින සිට මගී ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවයක් සැලසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් හිමියන් අතර අයහපත් තරගකාරීත්වයක් වැලැක්වීම සඳහා පිළිවෙළින් 60% - 40% අනුපාතයට වූ ඒකාබද්ධ චක්‍රීය කාලසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාර්යය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති, නාගරික කටයුතු පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.