• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විතීයික පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණ වැඩසටහන යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සඳහා උපකරණ සැපයීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් හා තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති ආකාරයට, මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සියයක් (100) සඳහා සියලු උපාංග සහිත පරිගණක යන්ත්‍ර 6,600ක්, මුද්‍රණ යන්ත්‍ර 400ක්, පරිලෝකන යන්ත්‍ර 100ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 85ක් මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.