• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන ආධාර යටතේ උපරිමාධිකරණ සංකීර්ණය නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය

- චීන ආධාර යටතේ ඉදිවූ උපරිමාධිකරණ සංකීර්ණය පිළිසකර කොට නවීකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියකට චීන රජය විසින් ‍එකඟතාව පළ කොට ඇත. අදාළ පනත් යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමෙන් පසුව එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සඳහා පැනවෙන අදාළ බදු හා ගාස්තුවලින් ඒවා නිදහස් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.