• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳපොළට පෙට්‍රල් 90 (RON) වෙනුවට පෙට්‍රල් 92 (RON) හඳුන්වාදීම

- ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට සුදුසු පෙට්‍රල් වර්ගයේ පිරිවිතරයන්ට අදාළව කරන ලද විශ්ලේෂණයකට අනුව යමින් දැනට ප්‍රයෝජනයට ගනු ලබන 90 (RON) පෙට්‍රල් වර්ගය හා සසඳන විට ඊට වඩා බොහෝ වාසි සැලසෙන 92 (RON) පෙට්‍රල් වර්ගය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිර්දේශ කොට තිබේ. 2014 01 01 දින සිට ක්‍රියාත්මව වන පරිදි 92 (RON) පෙට්‍රල් වර්ගය දේශීය වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.