• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂිතබව පරීක්ෂා කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි උමග හා නව ලක්ෂපාන විදුලි බලාගාර උමග වසා තැබීම

- මහවැලි පද්ධතියේ ප්‍රධානතම හැරවුම් උමගක් වන පො‍ල්ගොල්ල උමග, උතුරුමැද පළාතට මහවැලි ජලය හැරවීම සඳහා ඉදි කරන ලද්දේ 1976 වසරේදීය. මෙම උමග අන්තිම වරට පරීක්ෂා කර ඇත්තේ 1986 වසරේ වන අතර, එවැනි පරීක්ෂාවකින් තොරව මෙම උමග වසර 20කට වැඩි කාලයක් ක්‍රියාත්මකව පැවතී ඇත. එමෙන්ම නව ලක්ෂපාන විදුලිබල උමග එය ඉදි කරන ලද 1975 වසරේ සිට පරීක්ෂාවකට ලක් කර නොමැත. එබැවින් මෙම උමං මාර්ග වල ව්‍යුහාත්මක හානි කිසිවක් වේ නම් ඒවාට පිළියම් යෙදීමේ ප්‍රමාදයකින් සිදුවිය හැකි හානි දායක තත්ත්වය සහ ඒවා වසා තැබීමෙන් සිදු විය හැකි ආර්ථික සහ සමාජයීය බලපෑම අවම කිරීම සඳහා ඒවා පරීක්ෂාව සඳහා 2014 ජනාවාරි මස තුළ සති දෙකක (02) කාලයකට වසා තැබීම සඳහා පියවර ගැනීමට සිය අමාත්‍යාංශය විසින් ක්‍රියා කොට ඇති බව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.