• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ කාර්මික උපකරණ සම්පාදනය වෙනුවෙන් ජපානයෙන් රුපියල් මිලියන 520 (ජපන් යෙන් මිලියන 400) ක ප්‍රදාන ආධාර

- වාර්ෂික යෙන් ණය පැකේජයට අමතරව, ශ්‍රී ලංකාව හා ජපාන රජයයන් අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව ජපාන රජය විසින් විවිධ ප්‍රදාන ආධාර සපයනු ලබන අතර, ඉන් ප්‍රධාන ප්‍රදානයක් වන්නේ ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමයයි. ඒ අනුව මෙම ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම පිණිස සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශික්ෂණ රෝහල්වලට, ද්විතීයක රෝහල්වලට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනවලට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට ජපන් යෙන් මිලියන 400ක ප්‍රදානයක් 2013/2014 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දීමට ජපාන රජය එකඟත්වය පළ කොට ඇත. මෙම ප්‍රදානය සඳහා ජපාන හා ශ්‍රී ලංකා රජයයන් අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.