• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලාන/මොරටුව සහ ජා-ඇල/ඒකල ප්‍රදේශයන්හි අපවිත්‍ර ජලය පිරිපහදු පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියේ වැඩි වූ උපදේශක සේවා පිරිවැය මූල්‍යයනය කිරීම සඳහා අතිරේක ප්‍රදාන ආධාර ලබාගැනීම

- රත්මලාන/මොරටුව සහ ජා-ඇල/ඒකල ප්‍රදේශයන්හි අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ස්වීඩන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මුදල් ආධාර යටතේ වන අතර, මෙම ව්‍යාපෘතියේ උපදේශක සේවා පිරිවැය මූල්‍යනය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රදාන ආධාර ලබා ගැනීම පිණිස ස්වීඩන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ වූ එකඟතා ගිවිසුමේ ඇති කෙරන සංශෝධනය සඳහා අත්සන් තැබීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.