• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල පිහිටි පුහුණු මධ්‍යස්ථානය පූර්ණ පහසුකම් සහිත විගමනික සම්පත් මධ්‍යස්ථානයක් බවට උසස් කිරීම සඳහා නවාංග සහ වෙනස් කිරීම්

- පුහුණු ලාභීන් 180 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසීමට සහ පුහුණු ලාභීන් 350ක් පුහුණු කිරීමේ පහසුකම් ඇති කිරීම පිණිස, මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවත්වා ගෙන යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනට තිබෙන මධ්‍යස්ථානයට නවාංග එක් කොට එය වෙනස් කිරීමෙන් සංවර්ධනය කිරීමට අදහස් කෙරේ. ඊට අදාළ අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.