• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ණය මුද‍ල්වල ඉතිරි අරමුදල් උපයෝගී කොට ගෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වැඩ අවකාශය පුළුල් කිරීම ක්‍රියාත්මක කිරීම

- ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලද ණය ප්‍රදාන තුනෙන් (03) ඉතිරි අරමුදල සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයෙන් ලැබුණු එක් (01) ණය ප්‍රදානයක්, ණය ප්‍රදානය කරන ලද ඒජන්සිවල කැමැත්ත ඇතිව, චුන්නාක්කම්, පොළොන්නරුව, මොණරාගල, වාලච්චේනෙයි, මාහෝ, නාවුල, පුත්තලම, කිලිනොච්චි, වවුනියාව, කැලණිය සහ කිරිබත්කුඹුර ග්‍රිඩ් උප පොළවල්වලට අදාළ කටයුතු කිරීමට සහ ඒවායේ ඉදිරි කටයතු කිරීම සඳහා උපයෝගි කර ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.