• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත සහ පුත්තලම මතුපිට ජලය සංවර්ධනය කිරීම - ආසියානු සංවර්ධන බැංකු ආධාර සැපයෙන වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය

- මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ස්ථාවර සම්පාදන කමිටුව මඟින් නිර්දේශ කොට ඇති ප්‍රතිචාරාත්මක අවම ඇගයුම්කරුට ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.