• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය - උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීම

- ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස ජපාන යෙන් මිලියන 12,381ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජයට ලැබී ඇති අතර, මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන පාලම් 37ක් ඉදි කරනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කොට ඇති පරිදි ඉහත ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.