• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති අදියර I යටතේ සීමාසහිත ලංකා නැව් සංස්ථාව සඳහා නෞකා 02ක් මිල දී ගැනීම

‍- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුව විසින් නි‍ර්දේශ කොට ඇති පරිදි සීමාසහිත ලංකා නැව් සංස්ථාවට භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් (02) සැපයීම සඳහා සහ ඒ වෙනුවෙන් ණය පහසුකම් සැලසීම සඳහා වූ නියමයන් නිමාවට පත් කරන ලෙස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.