• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සුරක්ෂිත දිනය සැමරීම - 2013

- සෑම වසරකම දෙසැම්බර් 26වැනි දින ජාතික සුරක්ෂිත දිනය වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර, 2006 වර්ෂයේ සිට අඛණ්ඩව වසර හතක් (07) පිළිවෙළින් ගාල්ල, රත්නපුර, මහනුවර, කුරුණෑගල, යාපනය, මඩකලපුව හා බදුල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ජාතික සුරක්ෂිත දිනය සැමරීම සිදු කර ඇත. අදාළ අමාත්‍යාංශවල, පළාත් සභාවල සහ සහභාගීවන්නන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව 2013 ජාතික සුරක්ෂිත දිනය සැමරීම සඳහා වූ නියමිත වැඩසටහන් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.