• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාංශු සංරක්ෂණය හා ඉඩම් හායනය වැළැක්වීම සඳහා නව නීති කෙටුම්පතක් සඳහා වූ යෝජනාව

- දැනට පවතින නීති වෙනුවට නව නීති සම්පාදනය කිරීම මඟින් රජයේ සීග්‍ර සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව පාංශු සංරක්ෂණය හා ඉඩම් හායනය වැලැක්වීමේ කටයුතු සම්බන්ධයෙන් වඩාත් සඵල ක්‍රියා මාර්ග ගැනීම පිණිස නව ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත නිර්දේශ සඳහා යොමු කරන ලදී.