• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවිනැඟුම ජාතික සංවර්ධන වැඩසටහනේ V අදියර සඳහා පැළ සපයා ගැනීම

- එළවළු සහ පලතුරු වලින් රට සෑහෙන ප්‍රමාණයකට ස්වයංපෝෂිත කිරීම මඟින් ආහාර හා පලතුරු ආනයනය අවම කර ගැනීම සඳහා, ආහාර හා පෝෂණය සලසමින් වග කිව යුතු ඵලදායී ආර්ථික ‍ඒකක වශයෙන් ගෙවතු වගා සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව දැනට ක්‍රියාත්මකව පවතින දිවි නැඟුම ජාතික සංවර්ධන වැඩසටහනේ V අදියර යටතේ එළවළු බීජ සහ පලතුරු පැළ බෙදාහැරීමට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළ තවාන් වලින් සහ එම දෙපාර්තමේන්තුව යටතේ ලියා පදිංචි පැළ තවාන් වලින් පැළ ලබා ගැනීම සඳහා සහ ඊට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.