• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධිත බව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම

- සමාජ සාධාරණත්වය නාමයෙන් විවිධ ආබාධ සහිත ජනයාගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය මඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සිදු කෙරේ. එමෙන්ම ඔවුන්ට සම්පූර්ණ සහ සෑහීමකට පත් විය හැකි ජීවිත ගත කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් වශයෙන් ඔවුන්ගේ දැනුම, අත්දැකීම් හා විශේෂ නිපුණතාද, හැකියාවන්ද ජාතික සංවර්ධනයට දායක කිරීමේ අවස්ථා සැලසෙනු ඇත. ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කර ඇත්තේ, බලගැන්වීම, සෞඛ්‍ය හා පුනරුත්ථාපනය, අධ්‍යාපනය, වැඩ හා සේවා නියුක්තිය, ප්‍රධාන ධාරාවට ඇතුළත් කර ගැනීම හා ප්‍රවේශ පහසුකම් සහිත පරිසරය, දත්ත හා පර්යේෂණ සහ සමාජ හා ආයතනික ඒකාබද්ධතාව නැමති තේමා ‍ක්ෂේත්‍ර හත ක්‍රියාත්මක කිරීම සඳහාය. විවිධ ආබාධ සහිත ජනතාව බල ගැන්වීම සහ ඔවුන් සමාජයේ ප්‍රයෝජනවත් කොටසක් ලෙස සමානව යොදාගැනීම සඳහා වන රජයේ මෙම ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා වන 2014 - 2016 වර්ෂ සඳහා වන මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ රුපියල් බිලියන 65කට ආසන්න මුදලක් රජය විසින් වෙන් කර ඇත. ඉහත කී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා සමාජ සේවා අමාත්‍ය, ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.