• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 අධිකාරිය) යටතේ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා වන ජාතික සීමා නිර්ණය කමිටුවේ නිල කාල සීමාව මාස දෙකකින් දීර්ඝ කිරීම

- මෙම කමිටුවට පවරා ඇති කාර්ය භාරය සාර්ථකව අවසන් කිරීම සඳහා එකී කමිටුවේ නිල කාල සීමාව 2013 12 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස තුනක (03) කාලයකින් දීර්ඝ කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.