• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලුත්කඩේ පිහිටි ඉඩම් කොටසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දීම

දීම - නීතිපති දෙපාර්තමේන්තුව දැනට ස්ථාපිත කර ඇති ගොඩනැඟිල්ල වර්තමානයේ පවතින අවශ්‍යතාවන් සපුරාලීමට නොසෑහෙන බැවින් නාගරික සංවර්ධන අධිකාරිය සතු, කොළඹ 12, අලුත්කඩේ පිහිටි පර්චස් 80ක් පමණ වන හිස් ඉඩම් කැබැල්ල එම දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.