• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂාව පිළිබඳ 5 වන දකුණු ආසියානු සමුළුව

- නොබෝදා නේපාලයේ, කත්මණ්ඩු නුවර පැවැත්වුණු ඉහත සඳහන් සමුළුවේදී තම නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් කරන ලද කරුණු ඉදිරිපත් කිරීම් පිළිබඳව, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව, සනීපාරක්ෂාව පිළිබඳව අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා වේදිකාවක් සපයන, එක් එක් සාර්ක් රටවල, මාරුවෙන් මාරුවට, රජයේ මෙහෙයවීම මත පැවැත්වෙන ද්විවාර්ෂික සමුළුවකි.