• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 මාර්තු මස 04 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ජාතික සමඟියේ මහා සමුළුව

- විවිධත්වය තුළ එකීයත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකීය ජාතිකත්වයේ සංවර්ධනයට බලපෑම් කළ ගැටුම් අවසන් වීමත් සමඟ එකම ජාතියකට අයත්ය යන හැඟීම ශක්තිමත් කිරීම උදෙසා වැඩසටහන් ගණනාවක් රජයේ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. සමාජයේ විවිධ අංශවල විද්වතුන් ලෙස පිළිගැනීමක් ලබා ඇති සම්භාවනීය පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන්, 2014 මාර්තු මස 04 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික සමඟිය පිළිබඳ මහා සමුළුවක් කැඳවීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.