• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔස්ට්‍රියානු අරමුදල් මත මහියංගනය ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ උප ණය ගිවිසුම

- මහියංගන ජල සම්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් යෙදවීම පිණිස ශ්‍රී ලංකා රජය හා යුනික්‍රෙඩිට් බෑන්ක් ඔස්ට්‍රියා ඒජී අතර ණය ගිවිසුමක් දැනටමත් අත්සන් කර ඇත. මෙම ණය මුදලින් ලැබෙන මුදල් ප්‍රමාණය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ප්‍රතිණයක් වශයෙන් ලබා දීම පිණිස එකී මණ්ඩලය සමඟ උප ණය ගිවිසුමකට එළඹීම පිණිස, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.