• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය 3 (අදියර I) මූල්‍යනය සඳහා චීන සංවර්ධන බැංකු සංස්ථාව වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම

- ඉහත සඳහන් ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතා මාර්ග කොටස් කි.මී. 270ක් පමණ පුනරුත්ථාපනය කිරීමට අදහස් කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතට පහත සඳහන් මාර්ග කොටස් හතර (04) ඇතුළත් කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය සඳහා එ.ජ. ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම පිණිස ණය ගිවිසුමකට එළඹීම සඳහාත්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* නාරන්දෙනිය - හක්මන මාර්ගය - කි.මී. 0.00 සිට කි.මී. 11.95 දක්වා;
* අයගම - එගල්ඔය මාර්ගය - කි.මී. 0.00 සිට කි.මී. 23.00 දක්වා;
* මාවනැල්ල - හෙම්මාතගම මාර්ගය - කි.මී. 0.00 සිට කි.මී. 26.00 දක්වා;
* හැටන් මස්කෙලිය දල්හෝසි මාර්ගය - කි.මී. 0.00 සිට කි.මී. 31.89 දක්වා;